ඇමරිකානු හමුදා එක්ක තවත් ගිවිසුමක් ගහන්න හදයි !

මෙරිකාවේ යුධ මෙහෙයුම්වලට පහසුකම් ලබාදෙන රටක් වශයෙන් ශ්‍රී ලංකාව ඇතිකරගෙන තිබූ ගිවිසුම 2017 අවසන් වූ අතර එම ගිවිසුම යළි දීර්ඝ කර ඇතැයි ද ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා කියයි.
එසේම ඇමරිකානු ආරක්ෂක නිලධාරීන්ට මෙරට වරප්‍රසාද ලබා දෙන “සෝෆා” ගිවිසුමට අත්සන් තැබීම සඳහා මේ දිනවල සාකච්ඡා පැවැත්වෙන බවට පලව ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ඒ මහතා කියා සිටින්නේ සෝෆා ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් මෙරට දී නීති විරෝධී ක්‍රියාවකට අත්අඩංගුවට ගන්නා ඇමෙරිකානු භටයෙක් සම්බන්ධයෙන් මෙරට නීතියට අනුව ඉදිරි කටයුතු කළ නොහැකි වන බවයි.

මීට අමතරව ගුවන් තොටුපලේදී හා වරායේ දී ඔවුන්ගේ සියලු භාණ්ඩ වලට බදු අය නොකරන බවද බිමල් රත්නායක මහතා කීය.
Previous Post Next Post