කෝප් ඇතුළු පාර්ලිමේන්තුවේ සියලු කමිටු මාධ්‍යට විවෘති කිරීමට යයි !

පාර්ලිමේන්තුවේ සියලු කමිටු රැස්වීම් මාධ්‍යට විවෘත කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා කියයි.

මේවන විටද කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කටයුතු මාධ්‍යට විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේ, ඊට අවශ්‍ය ස්ථාවර නියෝග සකස් කිරිම මේ වන විට සිදුවෙමින් ඇති බවයි.

එම කටයුතු කඩිනම් කර ඉතා ඉක්මණින් කෝප් කමිටුව මාධ්‍යට විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි ද, ඔහු සඳහන් කළේ ය.

කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා කථානාකවරයාගෙන් කෝප් කමිටුව මාධ්‍යට විවෘත කිරිමට කටයුතු කරන ලෙස කරන ලද ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙස මෙය සිදු කිරීමට සැලැසුම්කර ඇති බවද පැවසේ.

මේ අතර රාජ්‍ය ගිණුම් කාරක සභාවේ කටයුතු ද මාධ්‍යට විවෘත කිරීමට පියවර ගන්නා බව ගිණුම් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා යළි එම ධුරයට පත් වීමෙන් පසු නිවුස්ෆස්ට් වෙත ප්‍රකාශ කළේ ය.
Previous Post Next Post