අදත් වැස්ස නෑ-සීතලයි

දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත, තරමක ශීත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම තත්ත්වය දෙසැම්බර් මස 20 වන දින සිට තරමක වෙනස් වීමක් බලාපොරොත්තු විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇති වීමේ
සුළු හැකියාවක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සමහර ප්‍රදේශවල උදය කාලයේ දී මීදුම සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකියි.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 20-30 අතර පමණ වෙයි.

Previous Post Next Post