තවත් අතරමැදි පෙත්සම් 10ක් ශ්‍රේෂ්ඨාධිකරණයට

පසුගිය නොවැම්බර් මස 9 දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට එරෙහිව කරුණු දැක්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙක් අද (04) මැදිහත්කාර පාර්ශවයන් ලෙසට පෙත්සම් දහයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබෙනවා.

මෙම පෙත්සම් ගොනු කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර
ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, ශ්‍රියානි විජේසේකර, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, අනුරාධ ජයරත්න, චන්දිම වීරක්කොඩි, පවිත්‍රා වන්නිආරච්චි, සිසිර ජයකොඩි, චන්ද්‍රසිරි ගජදීර යන අය විසිනි.

මේ අවස්ථාවේ මැදිහත්කාර පෙත්සම්කරුවන් කරන ඉල්ලීමට මූලික වීරෝධතා ඉදිරිපත් කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.


Previous Post Next Post