ජනපතිගේ අනුමැතියේ පමාවෙන් ලංකාව 2050 තෙක් ඇණහිටලා

ශ්‍රී ලංකාවේ භෞතික ඉදිකිරීම් සම්බන්ධ 2020 සිට 2050 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත මූලික ව්‍යුහාත්මක සැලැස්ම සකස් කර අවසන් වුවද, ඒ සඳහා ජනාධිපතිගේ අනුමැතිය ලබා ගැනීමට නොහැකි වී ඇති බව අනාවරණය වේ.

රාජ්‍ය භෞතික සැළසුම් සම්පාදනය කිරීමේ කමිටුවේ විශේෂඥයන් සහ
වෘත්තිකයන් එම සැලැසුම සකස් කර තිබේ.

මෙයට පෙර එම සැලැසුම 2017 අරම්භයේ සිට 2030 දක්වා ක්‍රියාත්මක කිරීම සඳහා සකස් කර තිබී ඇත.

එයට අනුව කොළඔ සිට ත්‍රිකුණාමලය දක්වා අධිවේගී මාර්ග මධ්‍යම කඳුකරය හරහා ඉදිකිරීමට සැලැසුමක් තිබී ඇත.

එයින් මධ්‍යම කඳුකරයට සිදු වන අති විශාල පරිසර හානිය නිසාම 2050 දක්වා සැලැස්මේ දී මධ්‍යම කඳුකරය අතහැර කොළඔ සිට අනුරාධපුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සැලැසුම් කර ඇත.

එම දිගුකාලීන සැලැසුමට මේ වනවිට රාජ්‍ය නායකයාගේ මූලික අනුමැතිය ලබාදී තිබිය යුතු වුවද, දේශපාලන කුමන්ත්‍රණය නිසා එයද නොකෙරෙන තරමට ජනාධිපති ධුරයද ව්‍යාකූල වී ඇති බව හෙළිව ඇතැයි ලංකා ඉරිදා පුවත්පත වාර්තා කර ඇත.


Previous Post Next Post