නැවත ත්‍රස්තවාදයක් පාතාලයක් එපා කියමින් කිලිනොච්චිය පුරා පෝස්ටර් ඇලවෙයි

නැවත ත්‍රස්තවාදයක් හෝ ආයුද කල්ලි හෝ පාතාලයක් උතුරු පලාතට එපා කියමින් කිලිනොච්චියේ ප්‍රදේශ කිහිපයක පෝස්ටර් අලවා ඇති බව කිලිනොච්චි වැසියන් කියා සිටිති.

මඩකලපුව වව්නිතිව් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් සැකකරුගේ ගම්මානයේ වන වඩ්ඩකච්චි ප්‍රදේශයේත් විශ්වමඩු ප්‍රදේශයේ සහ
කිලිනොච්චිය නගරයේ ජනතාව ගැවසෙන පොදු ස්ථාන වලදී මෙම පෝස්ටර් කිසියම් පිරිසක් විසින් දමිළ භාෂාවෙන් අලවා ඇත.

අදාල පෝස්ටර් මගින් ජනතාවට පෙන්වා දී ඇත්තේ වසර 30 ක යුද්දය හේතුවෙන් පීඩා විඳි ජනතාවට නැවත යුද්දය දකින්න නොලැබේවා සහ යුද්දයෙන් බැට කෑ ජනතාවට නැවත ආයුධ කල්ලි දකින්නට නොලැබේවා සහ විවිධ හේතූන් නිසා හිස ඔසවා ඇති පාතාල මැඩලීමට රටේ ඇති ආරක්ෂක අංශ වෙතට සහය ලබා දෙ ලෙසටය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Previous Post Next Post