වැසි වැඩි වෙයි

දිවයිනේ බොහෝ  පළාත්වල සවස 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

නැනෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදී වැසි ඇති විය හැක.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන
කාලයේදී මීදුම් සහිත තත්ත්වයක්
ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියේ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය  පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවයි.

පොතුවිල් සිට ත්‍රිකුණාමලය සහ  කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

හම්බන්තොට සිට පොතුවිල් සහ  ත්‍රිකුණාමලය  හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු
ප්‍රදේශවල සුළං ඊසාන සිට නැගෙනහිර දක්වා වන දිශාවලින්  හමන අතර සුළඟේ වේගය පැ.කි.මී. 30-40 පමණ වේ.

සෙසු මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින්  හමන අතර සුළඟේ වේගය පැ.කි.මී. 15-30 පමණ වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං(පැ.කි.මී 70-80 පමණ) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.

Previous Post Next Post