ශ්‍රීලනිප විශේෂ සමුළුව දෙසැම්බර් 4 වෙනි දා

දෙසැම්බර් මස 04 වන දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සමුළුවක් පැවැත්වීමට නියමිතව තිබේ.

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මෙම විශේෂ සමුළුව පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී මේ සම්බන්ධයෙන්
අවසන් එකඟතාවයට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(26) රාත්‍රී ජනාධිපති නිල නිවසේ දී පැවැත් විය.

මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මේ පිළිබඳ අදහස් දැක්වීය.

Previous Post Next Post