ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රිමාන්ඩ්

අධිකරණය හමුවේ පෙනී සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන ලබන මස 05දා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබෙනවා.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මීට පෙර අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබුණා.

ඒ, තරුණයන් 11 දෙනෙකු පැහැරගත් බව කියන සිද්ධියක සැකකරුවකු වන ලුතිනන් කමාන්ඩර්
චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත්ට රැකවරණය ලබාදුන් බවට වන චෝදනාව යටතේයි.



Previous Post Next Post