අර්බුද මැද අදත් පාර්ලිමේන්තුව රැස්වෙයි

වර්තමාන අර්බුදකාරී දේශපාලන වාතාවරණය හමුවේ අද(19) සිව් වන දිනටත් යළි පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

අද පස්වරු 1.00ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වන බව කථානායක කාර්යාලය නිවේදනය කළේය.

සභාවාරය අවසන්  කිරීමෙන් අනතුරුව පසුගිය 14 වනදා පළමු
වරටපාර්ලිමේන්තුව රැස් වූ අතර ඇති වූ අර්බුදකාරී තත්වය අනුව 15 වන දිනට පාර්ලිමේන්තුව කල් තැබීමට කථානායකවරයා පියවර ගත්තේය.

පසුව 15 වන දින රැස් වූ පාර්ලිමේන්තුවේ කටයුතු යළිත් 16 වන දිනට කල් තැබුණු අතර එදින ද පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන්ගේ අශෝභන හැසිරීම හේතුවෙන් එය අද දිනය දක්වා කල්තැබීමට පියවර ගනු ලැබුවේය.

මේ අතර පක්ෂ නායක රැස්වීමක් අද දහවල් 12.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතයි.

මෙම පක්ෂ නායක රැස්වීම සඳහා සියලු දේශපාලන පක්ෂ වල නායකයින්ට ආරාධනා කර ඇති බව කථානායක කාර්යාලය සඳහන් කළේය.

Previous Post Next Post