පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා - උණුසුම මැද කල් තබයි

අද (14) පෙරවරුවේ රැස් වූ පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු කටයුතු කල් තැබීම සිදු වුණා.

ඒ අනුව කථානායකවරයා සඳහන් කළේ පාර්ලිමේන්තුව හෙට (15)
පෙරවරු 10.00 දක්වා කල් තැබෙන බවයි.

මේ අතර අද (14) දිනට නියමිත පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරු ආණ්ඩු පක්ෂයේ අසුන් ගෙන සිටියා.



Previous Post Next Post