රනිල් සමඟ අසාර්ථක දීගය ගැන මෛත්‍රී ගෙන් පොතක් !

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමා ඉදිරියේදී ග්‍රන්ථයක් රචනා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ 2018 වර්ෂය සඳහා පවත්වනු ලබන ජනාධිපති සම්මාන උළෙලට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව
සඳහන් කළේය.

ඊයේ පාර්ලිමේන්තුවේ මුළු දවසම ඒක පාක්ෂිකව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ඔවුනගේ විවාදය සඳහා කාලය ගොඩක් වැය කරනු ලැබුවේ ජනාධිපතිවරයා ගැන බව ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම තම දියණිය විසින් ලියන ලද ජනාධිපති තාත්තා නැමති පොත ඊයේ දින පාර්ලිමේන්තුවේ බොහෝ සකච්ඡාවට ලක්වූ බව ජනාධිපතිවරයා පෙන්නා දුන්නේය.

මේ අතර ජනාධිපතිවරයා විසින් එළඹෙන ජනාවාරී මාසය තුළදී රනිල් සමඟ අසාර්ථක දේශපාලන දීගය නමින් තවත් පොතක් පිට කිරීමට සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි දුරටත් පැවසීය.

(අද දෙරණ)

Previous Post Next Post