මහමගදී පිහියෙන් ඇන සිසුවකු මැරු සිසුවා අධිකරණයට බාර වෙයි..

මාතර ප‍්‍රදේශයේ උපකාරක පංති සදහා සහභාගී වී ආපසු යමින් සිටි සිසුවකුට පිහියකින් ඇණ ඝාතනය කරන ලද ප‍්‍රධාන සැකකාර සිසුවා අධිකරණයට බාර වී තිබේ.

අධිකරණය විසින් සැකකරු දෙසැම්බර් මස 03 වැනි දින දක්වා රක්‍ෂිත
බන්ධනාගාරගත කර තිබේ.

නීතීඥයෙකු මාර්ගයෙන් මෙම සිසුවා මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයට බාර වී ඇත.

මාතර ඇලවේල්ල පාර ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදු කර ඇත්තේ පසුගිය 24 වන දිනයි.

ගැටුම සිදුව ඇත්තේ පේ‍්‍රම සම්බන්ධයක් මුල් කර ගනිමින් යයිද තොරතුරු වාර්තා විය.

Previous Post Next Post