රජය ලබාගත් ණය ඉදිරියේදී ගෙවීමේ ස්ථාවරය ගැන නිවේදනයක්

ශ්‍රී ලංකා රජය, 1937 අංක 07 දරන ශ්‍රී ලංකා ලියාපදිංචි ස්ඛන්ධ සහ සුරැකුම්පත් ආඥාපනත, 1923 අංක 8 දරන දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත සහ 1957 අංක 29 දරන විදේශ ණය පනත ඇතුළු විශේෂ පනත් හි ප්‍රතිපාදනයන් අනුව  ණය ලබාගෙන ඇති බව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

ඒ අනුව, අදාළ නියමයන් සහ කොන්දේසි යටතේ එලෙස ලබාගෙන ඇති
ණය සඳහා වන ණය සේවාකරණයට අදාළ ගෙවීම්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මතු දක්වන ලද සුවිශේෂී නීති යටතේ දක්වා ඇති පරිදී ඒකාබද්ධ අරමුදලෙන් නීත්‍යානුකූල ලෙස  සිදුකල හැකි බවයි පෙන්වා දෙන්නේ.

එසේ හෙයින් අදාළ අණ පනත්වල ප්‍රතිපාදන සලස්වා ඇති පරිදි  2019 මුදල් වසර තුළ සිදුකළ යුතු ණය සේවාකරණයන්, ණය ලබාගැනීමේදී එකඟවන ලද අදාල කොන්දේසි ද සපුරාලමින් සිදු කරනු ඇති බවයි සඳහන් කරන්නේ .

ශ්‍රී ලංකාව ණය සේවාකරණය සම්බන්දයෙන් නොකැළල් ඉතිහාසයක් තිබෙන රටක් ලෙස හා එම බැඳීම් අඛණ්ඩව පවත්වාගෙන ඇති ආකාරයට සියලු ආයතනවලින් ලබාගෙන ඇති ණය නිසි පරිදි ගෙවන බව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය වැඩි දුරටත් අවධාරනය කරනවා.

ශ්‍රී ලංකා ජනරජය සියලුම ණය දීමනාකරුවන් වෙත මින්පෙර නියමිත දිනට, පැහැර නොහැර සිදුකරන ණය ගෙවීම් සිදුකරනු ලැබුවා සේම ඉදිරියටත් එකී ගෙවීම් නියමිත දිනට සිදුකරනු ලබන බවද සහතික වනවා.

ශ්‍රී ලංකා රජය විසින් ණය ගෙවීම් සම්බන්ධව මෙතෙක් පවත්වාගෙන ආ නොකැළල් වාර්තාව මේ අනුව ඉදිරියටත් පවත්වාගෙන යනු ඇති.

තවද,2019 වසරේදී කල්පිරෙන ඇ.ඩො 1500. ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරය ඇතුළත්ව සියලු ණය ගෙවීම් සඳහා ප්‍රමාණවත් මුදල් සංචිතයක් රැස්කර පවත්වාගෙන යාමට මෙම අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සමග ඉතා සමීපව කටයුතු කරමින් සිටින බවද පෙන්වා දෙනවා.


Previous Post Next Post