පාර්ලිමේන්තු මැතිවරණය ජනවාරි 05

පාර්ලිමේන්තුව විසිරුවාහැරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ
(09) රාත්‍රීයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ නිකුත් කළේය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ (2)(ඇ) අනු ව්‍යවස්ථාව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62 වන ව්‍යවස්ථාවේ (2) වන අනු ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවේ (5) වන අනු ව්‍යවස්ථාව යටතේ තමා වෙත පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරි බව සඳහන්ය.

එම ව්‍යවස්ථානුකූල වගන්ති වලට යටත්ව 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ දස වන වගන්තියේ විදිවිධාන අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වන තමා හට පැවරී ඇති බතතල අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරි බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

එම ගැසට් නිවේදනයට අනුව අද මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසිරුවා හැරි බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්ය.

අදාළ ගැසට් නිවේදනයට අනුව අභිනව පාර්ලිමේන්තුව වර්ෂ 2019ක් වූ ජනවාරි මස 17 වෙනි දින කැඳවීමට මෙම ගැසට් නිවේදනයෙන් නියෝග කර තිබේ.

එමෙන්ම අදාළ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තෝරා පත් කරගැනීම වර්ෂ 2019ක් වූ ජනවාරි මස පස්වනදා පැවැත්වෙන ඡන්ද  විමසීමකදී සිදුකරගත යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

එමෙන්ම අදාළ ඡන්ද විමසීම සඳහා තේරීම් බාර නිලධාරීන් විසින් නාමයෝජනා පත්‍ර බාරගත යුතු කාලය ද අදාළ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශ කර තිබේ.

වර්ෂ 2018ක් වූ නොවැම්බර් මස 19 වන දින සිට 2018ක් වූ නොවැම්බර් මස 26 වන දින දහවල් 12 දක්වා කාලය නාමයෝජනා පත්‍ර බාරගැනීමේ කාලය ලෙස නියම කර තිබේ.


Previous Post Next Post