අතුරු සම්මත ගිණුමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

2019 වර්ෂයේ මුල් මාස 04ට අවශ්‍ය වන ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය වශයෙන්  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ
මාධ්‍ය හමුවෙදි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මේ බව පැවසීය.

2019 වර්ෂය සඳහා වූ අයවැයක් සකස් කර ඉදිරිපත් කරන තෙක් 2019 වර්ෂයේ මුල් මාස 04 තුළ රජයේ පොදු සේවාවන් පවත්වා ගෙන යාම සඳහා රුපියල් බිලියන 760ක් ද, වියදම් දැරීම සඳහා දැනටමත් විවිධ නීති මඟින් බලය ලබා දී ඇති වියදම් දැරීම සඳහා රුපියල් බිලියන 970ක් ද, රජයේ අත්තිකාරම් ගිණුම් කටයුතු සඳහා රුපියල් බිලියන 05ක් ද වශයෙන් රුපියල් බිලියන 1,735ක සමස්ත වියදමක් මෙම අතුරු සම්මත ගිණුමෙන් යොජනා කර ඇත.

එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දිනය මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන්  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් තීරණය කරණු ඇති බවද මහින්ද සමරසිංහ අමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කළේය.

Previous Post Next Post