හෙට සිට යළි ගිගිරුම් සහිත වැසි

හෙට (16) දිනයේ සිට දිවයින පුරා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා. බොහෝ දුරට එම වැසි ඇද හැලෙනු ඇතැයි අපේක්ෂා කරන්නේ සවස 2න් පසුවයි.

ඒ අනුව බස්නාහිර, මධ්‍යම, ඌව, සබරගමුව, උතුරුමැද සහ වයඹ යන
පළාත්වලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇද හැලෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

Previous Post Next Post