අද සිට කොළඹටත් STF

කොළඹ බන්ධානාගාරවලට බාහිරින් පැමිණෙන පිරිස් පරික්ෂා කිරිම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීම අද (22) සිට ක‍්‍රියාත්මක වන බව වාර්තා වෙනවා.

ඒ අනුව වැලිකඩ, මැගසින් හා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට
නිලධාරින් යොදවන බවයි අධිකරණ අමාත්‍යංශ අතිරේක ලේකම් බන්දුල ජයසිංහ මහතා ප‍්‍රකාශ කර ඇත්තේ.

මේ අතර පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට එරෙහිව අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ආරම්භ කළ විරෝධතාව තවමත් ක‍්‍රියාත්මක වනවා. කෙසේ වෙතත් බන්ධනාගාර ආරක්ෂාවට රජය ගත් තීරණය වෙනස් නොකරන බවයි අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

Previous Post Next Post