පොලිස්පති ඉල්ලා අස්වීමට තීරණය කරයි.. දකුණු කොරියාවේ තානාපති ලෙස රටින් පිට කරයි..

පූජිත ජයසුන්දර මහතා පොලිස්පති ධූරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාගේ පාර්ශවයද තම ධුරයේ සිටීම ගැන කැමැත්තක් නැති බව පෙනෙන්නට ඇති නිසා තමන් ඉක්මනින්ම
තීන්දුවක් ගන්නා බව පොලිස්පතිවරයා සිය සමීප මාධ්‍ය හිතවතෙක් හා සඳහන් කර ඇත.

නව පොලිස්පතිවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික‍්‍රමසිංහ මහතා හෝ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික‍්‍රමසිංහ මහතා පත් කිරීමට ඉඩක් ඇති බවද වාර්තා වෙයි.

ජනාධිපතිවරයාද වත්මන් පොලිස්පති අමතා ධූරයෙන් ඉල්ලා අස්වන්නැයි දැනුම් දුන් බවට වාර්තා පල විය.

මේ අතර වාර්තා වන්නේ දකුණු කොරියාවේ තානාපතිවරයා ලෙස වත්මන් පොලිස්පතිවරයා පත් කර යැවීමේ සූදානමක් ඇති බවයි.

Previous Post Next Post