ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින්ගේ නම් කථානායකට

ව්‍යවස්ථාදායක සභාවට පත් කුළ යුතු සාමාජිකයින්ගේ නම්  කථානායක කරූ ජයසුරිය  මහතා වෙත භාරදි තිබේ.

ඊට අනුව මෙම සතිය තුළ ව්‍යවස්ථාදායක සභාව පත් කිරීමට නියමිත බව කතානායක කාර්යාලය සඳහන් කළේය.

සාමාජිකයින්  දස දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාවේ
කතානායකවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා නිළ බලයෙන් පත්වනු ඇති.

අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා සහ සුළු පක්ෂ විසින් නම් කරන ලද සාමාජිකයින් 06 දෙනාගේ නම් මෙලෙස කතානායකවරයා වෙත භාරදී තිබේ.

ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස මෑතකදී පත් කළ මහින්ද සමරසිංහ මහතාගේ නිළ කාලය අවසන් නොවූ අතර ඔහු දැනටමත් ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු කරනු ලබයි.

Previous Post Next Post