ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව හිමිවෙයිද...?

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දෙන ලෙස භික්ෂූන් වහන්සේලා කිහිපනමක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇති බව වාර්තාවේ.

බෙංගමුවේ නාලක,තල්ගමුවේ සුධිරානන්ද,දියසෙන්පුර විමල,මාගල්කන්දේ සුදත්ත ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලට වැඩම කර ඇති අතර එහිදී
ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක්ද භාරදී තිබේ.

“ඔබතුමා ඝාතනය කිරීමට පැමිණි පුද්ගලයාට ජීවිත දානය දීමට තරම් ඔබතුමා සංවේදී නායකයෙකු විය. එය මුළු මහත් සමාජයටම ආදර්ශයක් විය. දැන් ඔබතුමාට තවත් සංවේදී කාරණයක් ඉතිරිව ඇත. එනම් ගමේ හැදී වැඩී, අප රටේ පළමු පුරවැසියා ලෙසත්,බෞද්ධ උපාසක මහතෙකු ලෙසටත් කල්පනා කර ඔබතුමාගේ බලතල ප්‍රකාරව ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන තෙක් මුළුමහත් සඟ පරපුර මෙන්ම මුළුමහත් බෞද්ධ සමාජයම බලා සිටී. ඔබට දළදා හිමි සරණයි“ යනුවෙන් හම භාරදුන් ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.


Previous Post Next Post