Facebook තහනමක් නැහැ - රජය පවසයි

ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය වෙත පිවිසීම තහනම් කිරීමට රජය සූදානම් වන බවට පළ වන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව රජයේ වැඩබලන ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නාලක කලූවැව මහතා පවසයි.

වැඩබලන ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ ෆේස්බුක්
හෝ වෙනත් කිසිදු වෙබ් අඩවියක් එලෙස අවහිර නොකරන බවයි.

අසත්‍ය පුවත් ප්‍රචාරයෙන් වළකින්න

මේ අතර ශ්‍රී ලංකා පරිවර්තන සමුහය(ෆේස්බුක්) පවසන්නේ, පවතින රජය විසින් මාර්තු මස මෙන් නැවත වරක් ෆේස්බුක් අඩවිය ඇතුළු අනෙකුත් සමාජ මාද්‍ය අඩවි අවහිර කිරීමට සුදානම් නමින් පැතිර යන පුවත සාවාද්‍ය පුවතක් බවයි.

මෙවැනි තොරතුරු කිසිදු සොයාබැලීමකින් තොරව සාමාන්‍ය ජනයා අතර පතුරාලීමෙන් වලකින ලෙසත් අදාළ මාධ්‍ය අංශ වලින් ඉල්ලා සිටින ශ්‍රී ලංකා පරිවර්තන සමුහය, මේ පිලිබදව සාමාන්‍ය ජනයා අනවශ්‍ය බියක් ඇති නොකරගත යුතු බවත් දන්වා සිටියි.

ශ්‍රී ලංකා පරිවර්තන සමුහයේ සභාපති, රජීව් යසිරු කුරුවිටගේ මැතිව් විසින් නිකුත්කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

''මෙවැනි සාවද්‍ය පුවත් එක්තරා කණ්ඩායමක් විසින් සුක්ෂමව විවිධ වූ මාධ්‍ය නාලිකාවන්හි නාමයන් යොදාගෙන ජනයා අතරට ගෙනයාමට යම් උත්සහයක් දරනා ආකාරය මේ දිනවල ඉතාමත් පැහැදිලිව දැකගත හැකිය.

මෙම කණ්ඩායම මාස ගණනාවක් තිස්සේ ෆේස්බුක් නැවතත් තහනම් කිරීමට එම කණ්ඩායමේ සාමාජිකයන් වන හිටපු මැති ඇමතිවරුන් රැසක් යොදාගෙන කටයුතු කල බවත් දැනගන්නට ලැබේ.

ආසන්න උදාහරණ වශයෙන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විසින් විසින් “කොලඔ ආරක්ෂක සමුළුවේදී ෆේස්බුක් ඇතුළු අනෙකුත් සමාජ මාධ්‍ය ජාල ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි පැවසීම” , ළමා හා කාන්තා කටයුතු ඇමතිනී විසින් ලෝක ළමා දින ජාතික උත්සවය අමතමින් සිදු කල “ෆේස්බුක් තහනම් යෝජනාව” ගත හැකිය.


Previous Post Next Post