නාලක සිල්වා අදත් CIDයට - අවසන් ප්‍රශ්න කිරීමත් වෙන්න පුළුවන්ලු

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අද (22) 03 වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. ඒ, ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණයක් සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳ ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහායි.

මීට පෙර අවස්ථා 02කදී හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා අපරාධ
පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප‍්‍රකාශ ලබාදුන්නා. එම අවස්ථා දෙකෙහිදීම ඔහුගෙන් පැය 09ක කාලයක් ප‍්‍රශ්න කළා. නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර පැවසුවේ බොහෝ දුරට අද දිනයේදී හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් සිදු කරන ප‍්‍රශ්න කිරීම් අවසන් කරනු ඇති බවයි.

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළ බවටයි ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට චෝදනා එල්ල වී ඇත්තේ.

ඒ පිළිබඳ තොරතුරු හෙළි කළ නාමල් කුමාර නමැත්තා ද මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප‍්‍රශ්න කර ප‍්‍රකාශයක් සටහන් කර ගත්තා. හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගේ වැඩ තහනම් කිරීමටයි ජාතික පොලිස් කොමිසම ඉකුත්දා අනුමැතිය ලබාදුන්නේ.


Previous Post Next Post