ජනබලය විරෝධය දිනයේදී සුනාමි පෙරහුරුවක්

සුනාමි පෙරහුරු වැඩසටහන යටතේ මෙරට වෙරළ තීරයෙහි සුනාමි කුළුනු 77ක් මෙම මස 05 වැනි දින සක්‍රීය කෙරෙන අතර, මේ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙහි කුළුනු පහද සක්‍රීය කර පරීක්ෂා කෙරෙන බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ජාත්‍යන්තර සුනාමි පෙරහුරු වැඩසටහනට යටතේ ලෝකයේ රටවල් 28ක් මේ සඳහා එක්වන අතර, මෙරට වැඩසටහන 5දා පෙරවරු 8.00 සිට පෙරවරු
10 දක්වා සිදුකෙරෙන බවද ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ අජිත් නිශාන්ත මහතා පැවසීය.

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ‘ජනබලය කොළඹට’ විරෝධතාව පැවැත්වෙන්නේද මෙදිනය.

Previous Post Next Post