අද තද වැසි

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් අපරභාගයේ හෝ සවස් කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කොළඹ, කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල තැනින් තැන උදෑසන කාලයේ දීත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව ඔවුන් වැඩි
දුරටත් නිවේදනය කරයි.

ඌව, සබරගමුව, බස්නාහිර, දකුණ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ට වැඩි තද වැසි ද ඇති විය හැකියි.

‍ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි අතර,අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.


Previous Post Next Post