ත්‍රස්ත විමර්ෂණ ඒකකයේ තිබු ස්නයිපර් තුවක්කුවක් අතුරුදහන්

ත්‍රස්ත විමර්ෂණ ඒකකයේ තිබු "ස්නයිපර්" තුවක්කුවක් අස්ථානගත විමක් සම්බන්ධයෙන් ඊයේ (18) පාර්ලිමේන්තුවෙදි ප්‍රශ්නයක් නැගුනා.

පාර්ලිමෙන්තු මන්ත්‍රි කණක හේරත් මෙහිදි ප්‍රශ්න කර සිටියේ පොලිස් ත්‍රස්ත විමර්ෂණ ඒකකය සතුව තිබුනු "ස්නයිපර්" වර්ගයේ ගිනි අවියක් අස්ථානගතවි ඇති බවයි.

මෙම ගිනි අවිය අස්ථානගතවිමේ සිද්ධිය නිවැරදිද,
එසේ අස්ථානගතවිම සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදුකරන්නේද සහ මෙම ගිනි අවිය සොරකම් කලේ කවුද යන්න ගැන නිතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර ගෙන් විමසා සිටියා.

මෙහිදි අමාත්‍යවරයා පිළිතුරු දෙමින් කියා සිටියේ එම සිදුවිම සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක් ලබා දෙන්නේ නම් ඒ ගැන පරික්ෂණයක් සිදු කිරිමට කටයුතු කරන බවයි.


Previous Post Next Post