පළාත් කීපයකට අද තරමක තද වැසි - HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

hotnews.lk Latest Hot News and Gossip Updates from Sri Lanka.

gossip lanka

පළාත් කීපයකට අද තරමක තද වැසි

දිවයිනේ පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්භාවය හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් අපරභාගයේ හෝ සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන
උදෑසන කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැ බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ඌව, නැගෙනහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රිකයේත් ඇතැම් ස්ථානවලට මි.මී.100ත් පමණ තරමක් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.