Email

අද තැන් කීපයකට වැසි සමඟ තද සුළං

ඌව සහ නැගෙනහිර පළාත්වලත් තවත් දිස්ත්‍රික්ක කිහිපයකටත් අද(15) සවස 2 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව නුවරඑළිය, රත්නපුර, මුලතිව් හා වවුනියාව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක මෙලෙස වැසි බලාපොරොත්තු විය හැකි බව වාර්තා වෙයි.

ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
නිවේදනය කරයි.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි අතර, අකුණු අනතුර අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද ජනතාව දැනුවත් කරයි.

gossip lanka