අඩ නිරුවත පෙන්නූ 3 දෙනා රිමාන්ඩ් - HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

hotnews.lk Latest Hot News and Gossip Updates from Sri Lanka.

gossip lanka

අඩ නිරුවත පෙන්නූ 3 දෙනා රිමාන්ඩ්

ඓතිහාසික සීගිරිය පිදුරංගල රජමහා විහාරස්ථානයට අයත් පර්වත මුදුනේ සිට අඩ නිරුවත පෙන්වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් තිදෙනා ලබන මස 3 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා විසින්  අද(27)
නියෝග කළේය.

මෙලෙස බන්ධනාගාර ගත කර ඇත්තේ ගලේවෙල ප්‍රදේශයේ පදිංචි ශාමික දිල්ශාන් අබේවික්‍රම, සපුමල් දීමන්ත සුබසිංහ, එල්.ඒ.ඒ.පියුමාල් යන 19 හැවිරිදි තරුණයන් තිදෙනෙකි.

මෙම සැකකරුවන්  සීගිරිය පොලීසිය 26 දින පස්වරුවේ අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අද දින සීගිරිය පොලීසියේ සිට දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත පොලිස් නිල රථයකින් රැගෙන පැම්ණි බව වාර්තා වෙයි.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එම්.අස්මි මහතා කියා සිටියේ මෙම සැකකරුවන් නොදැනුවත්කම හේතුවෙන් මෙවැනි දෙයක් සිදු කළ බවත් ඔවුන්ට සුදුසු ඇපයක් ලබාදෙන ලෙසත්ය.

පුරාවිද්‍යා ආඥා පනත යටතේ මෙම සැකකරුවන්ට නඩු පවරා ඇති අතර ඔවුන්ට ඇප දීමේ බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති නිසා අදාළ පුද්ගලයින් බන්ධනාගාර ගත කළ බව නීතිඥ එම්. ආස්මී මහතා වැඩිදුරටත් පැවසීය.