මිළ අධික පිළිකා ඖෂධ 10 ක, තෝරාගත් ඖෂධ 13 ක සහ වෛද්‍ය උපකරණ දෙකක මිළ අඩුකර එම මිළ නියාමනය කිරීම අද (01) සිට කි‍්‍රයාත්මක වනවා. මෙම මිළ නියාමනයට අදාළ ගැසට් පත‍්‍රය ඊයේ (31) මධ්‍යම රාති‍්‍රයේ නිකුත් කෙරුණු බවයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත
සේනාරත්න පැවසුවේ.
පේරාදෙණිය විශ්ව විද්‍යාල භූමියේ ඉදිකළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 39 වන ඔසුසල විවෘත කිරීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. මිළ නියාමනයට ලක් කෙරෙන තෝරාගත් ඖෂධ 13 ට ජීවිතාරක්‍ෂක ප‍්‍රතිජීවක, ස්නායුගත රෝග ඖෂධ, ඉන්සියුලින් ඇතුළු දියවැඩියා ඖෂධ, ඇදුම, ස්නායු රෝග, අපස්මාර රෝග සහ කොලෙස්ටරෝල් පාලනය කිරීමේ ඖෂධ ඇතුළත් වනවා.

Tags
slide