පාර්ලිමේන්තුව අද රැස්වෙයි - HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

hotnews.lk Latest Hot News and Gossip Updates from Sri Lanka.

gossip lanka

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද(07) පෙරවරු 10.00ට රැස්වෙයි.

ඝණ පූර්ණය නොමැතිවිම හේතුවෙන් ඊයේ(06) පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්විමට හැකියාවක් නොලැබුණ බව වාර්තා වෙයි.

බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා විසින් ඝණ පූර්ණය නොමැති බවට පෙන්වාදීමෙන් පසු අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්ත ද මන්ත්‍රීවරුන් 20 දෙනෙකු
සැසිවාරය සදහා සහභාගී කර ගැනීමට නොහැකිවිම හේතුවෙන් පාර්ලිමේන්තුව කල්තැබිමට තීරණය කෙරුණි.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් 09 දෙනෙකු ඊයේ සැසිවාරය සඳහා සහභාගී වී සිටි අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඇතුළු තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පමණක් සහභාගී වී සිටියේය.