ඉදිරි ජනාධිපතිවරණයට ජවිපෙන් අපේක්ෂකයෙක්?

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව රජය ප්‍රමාණාත්මක මැදිහත්වීමක් නොදක්වන්නේ නම් ඉදිරි ජනාධිපතිවරණයට තමන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ඊයේ (14) කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් එම පෙරමුණේ
දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා මේ බව සඳහන් කළේය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකරන්නේ නම් වැඩ කරන පන්තියේ නියෝජනයක් ලෙස ඉදිරි ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ඒ මහතා සඳහන් කළේය.

මේ අතර 1978 සිට සාකච්ඡාවට බදුන් වන කාරණයක් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදට තිබෙන බාධාව වන්නේ විධායක ජනාධිපති ක්‍රමය බව ලාල්කාන්ත මහතා පෙන්වා දෙයි.

විධායක ජනාධිපති ධූරය ඉවත් කොට විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය සහ ජනමාධ්‍යට අවශ්‍ය නිදහස පුළුල් කන්න ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළ යුතු බ ඒ මහතා සඳහන් කරයි.

මේ අතර පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව විසින් තිබුණු පාලනය පෙරලු බව ඒ මහතා සඳහන් කළේය.

ජනතාව විසින් පරාද කරන ලද ඒකාධිපති පාලන නැවත ඇති කිරීමට මෙම රජය විසින් උත්සාහක් දරන බව කේ.ඩී. ලාල්කාන්ත මහතා වැඩිදුරටත් පැවසීය.

Previous Post Next Post