Email

ඝාතන කුමන්ත්‍රණය සහ ස්නයිපරය අතුරුදන්වීම භයානකයි

පොලීසිය සතුව තිබූ ඕනෑම දුරක සිට ඉලක්ක ගත කර වෙඩි තැබිය හැකි ස්නයිපර තුවක්කුව අතුරුදන්ව ඇති බවද, එය ප්‍රසිද්ධ රහසක් බවද ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි. ඒකාබද්ධ විපක්ෂය පෙන්වා දෙන්නේ දැනට හෙළිදරව් වන ඝාතන කුමන්ත්‍රණ සමග මෙම තුවක්කුව අස්ථාන ගතවීම අතිශයින්ම භයානක බවය.

මේ වන විට මෛත්‍රීපාල ජනපති ඝාතනය කිරීමේ සැලැස්මක් හෙළිදරව්
වෙමින් තිබෙනවා. ඒ වාගේම ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන සැලැස්මක් තිබෙන බව සඳහන් වෙනවා. මේ පසුබිම තුළ රාජ්‍ය නායකයින්ගේ හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රටට ආදරය කරන නායකයින්ගේ ආරක්ෂාව බරපතළ ලෙස අනතුරට ලක්ව ඇති බවද ඒකාබද්ධ විපක්ෂය පෙන්වා දෙන්නේය.

ජයසූරිය උඩුකුඹුර

gossip lanka