ජනබලය අවසන් - වාහන ගමනා ගමනයට බාධාවක් නෑ

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ ජන බලය කොළඹට විරෝධතා රැළිය අවසන් වී තිබේ.

ඊයේ (05) මධ්‍යම රාත්‍රී ලේක් හවුස් වට රවුම අභියස රැඳී සිටි ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් එම ස්ථානයේ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඉන් අනතුරුව පැවති රැළියකින් අනතරුව විරෝධතාව අවසන් කළ බවට
ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් විසින් රැස්ව සිටි විරෝධතාකරුවන් අමතමින් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව විරෝධතාකරුවන් මේ වන විට කොළඹින් පිටත්ව ගොස් ඇති අතර රථ වාහන බාධාවකින් තොරව ගමන් කළ හැකි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

ජන බලය කොළඹට විරෝධතා රැළිය ඊයේ පැවති අතර ඊයේ රාත්‍රියේ සත්‍යග්‍රහයක් ද පැවැත් විණි.

Previous Post Next Post