Email

අංක තහඩු නැති කැබ් රියකින් ඇවිත් ජන බලයට ආ බස් රියකට හාලි ඇලදි දැවැන්ත ගල්මුල් ප්‍රහාරයක් - ඩිලාන් පෙරේරාගේ ආධාරකරුවන්ලු!

ජනබලය කොළඹට විරෝධතාවට එක්වීමට පැමිණෙමින් තිබූ බස් රථයකට හාලි ඇළදී ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වෙයි.

මෙයින් බස් රථයට හානි සිදුව ඇතැත් කිසිවෙකුත් තුවාල ලබා නොමැති බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.

අද (05) උදෑසන 5.45ට පමණ හාලිඇල - බෝගහමඩිත්ත ප්‍රදේශයේදී
මෙම ප්‍රහාරය ඒලලවී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතගේ ආධාරකරුවන් පිරිසක් විසින් මෙම බස් රථයට පිරිස් එක්රැස් කරමින් සිට ඇති අතර, එම අවස්ථාවේදී අංක තහඩු නොමැති කැබ් රථයකින් පැමිණි පිරිසක් මෙම පහරදීම සිදුකළ බව එහි සංවිධානය කටයුතුවල නිරත පත්මලතා නැමැති කාන්තාව පවසයි.

gossip lanka