Email

"බස් ගාස්තු 10%කින් වැඩි කරන්න වෙනවා"

ඉන්ධන මිල වැඩිවීමත් සමග බස් ගාස්තු ද සියයට 10කින් වැඩි කළ යුතු බව සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනය පවසනවා.

එහි සභාපති ස්ටැන්ල් ප‍්‍රනාන්දු කියා සිටියේ වරින්වර ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් බස් කර්මාන්තය පවත්වාගෙන යාම ඉතා අසීරු කටයුත්තක් වී
ඇති බවයි. බස් ගාස්තු වැඩි කිරීම සඳහා අද (12) සිට රජයට දින 03ක් ලබා දෙන බවද ඔහු අවධාරණය කළා.

ඉන්ධන මිල වැඩි කිරීමත් සමග පාසල් වෑන් රථ ගාස්තු සියයට 5කින් වැඩිකිරීමට දැනටමත් සමස්ථ ලංකා පාසල් ළමුන් ප‍්‍රවාහන සංගමය තීරණය කර තිබෙනවා.


gossip lanka