"ආසියාන්" ලෝක ආර්ථික සමුළුව වියට්නාමයේ හැනෝයි නුවර ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ දී අද(11) ආරම්භ වීමට නියමිතව තිබේ.
"ආසියාන්" සංවිධානයට අයත් රටවල සහ අනෙකුත් ආසියානු රටවල ඉහළ පෙළේ නායකයින්ගේ සහභාගීත්වයෙන් මෙම සමුළුව පැවත් වෙයි.
මෙම සමුළුවට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය අග්‍රාමාත්‍ය
රනිල් වික්‍රමසිංහ මහතා නෝයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ඊයේ(10) පස්වරුවේ වියට්නාමයේ හැනෝයි නුවරට ළඟා වු බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.
වියට්නාමයට පැමිණි අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස වියට්නාමයේ තොරතුරු හා සන්නිවේදන කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය යෙන් මාන් හං මහතා සහ වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති දිසානායක මහත්මිය ඇතුළු පිරිසක් විසින් පිළිගෙන තිබේ.
හැනෝයි නුවර නෝයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට විශේෂ රථ පෙරහැරකින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස නවාතැන්ගෙන සිටින ලොත්තේ හෝටලය වෙත කැඳවාගෙන ගොස් ඇති බව සඳහන් වෙයි.

Tags
slide