සිසු අයිතීන් ලබා ගන්නා තුරු අඛණ්ඩව අරගල කරනවා

විශ්වවිද්‍යාල සිසුන් මෙම  උද්ඝෝෂණ පැවැත්වනු ලැබුවේ අග්නි දිග විශ්විද්‍යාලයේ සිසු ගැටළුවලට විසඳුම් ලබාදෙන ලෙස බලකරමින්.

සිසුන් වෝඩ් පෙදෙස සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව
ඉදිරිපිට රැස්ව සිටිය දී ඔවුන්ට පොලීසිය විසින් මෙම ප්‍රහාරය එල්ල කරනු ලැබීය.

කෙසේ වෙතත්  එම අවස්ථාවේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ළහිරු විරසේකර පැවසුවේ තම ගැටළු සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කිරිම පැමිණි විට ඒ සඳහා කිසිදු වගකිව යුත්තෙක් ඉදිරිපත් වු නොවු බවයි.

පසුගිය දිනයක විශ්වවිද්‍යාල සිසුන්ට චෝදනා කළ විජේදාස අමාත්‍යවරයා මේ වන විට සැඟවී සිටින බවද ඔහු පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ  කැදවුම්කරු ළහිරු වීරසේකර පැවසුවේ පොලිස් ප්‍රහාර හේතුවෙන් මේ වන විට අන්තර් භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පුජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමි සහ අග්නීදිග විශ්වවිද්‍යාලයේ ශීෂ්‍ය බල මණ්ඩලයේ සමාජික ගිහාන් වීරසේකර රෝහල් ගත කර ඇති බවයි.

කෙතරම් මර්ධනයන් සිදු කළත් තම අයිතින් ලබා දෙන තුරු අඛණ්ඩව අරගල සිදු කරණ බවද ඔහු එහිද අවධාරණය කළේය.


Previous Post Next Post