'අද දිනයේ තීරණයක් ගන්නවා' - දුම්රිය වෘත්තීය සමිති

වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය ආරම්භ කරන දිනය සහ වේලාව අද (24) දිනයේ තීරණය කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා.

ඒ, අද පැවැත්වෙන විධායක කමිටු රැස්වීමෙන් අනතුරුවයි.

එහිදී සිය ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවයි දුම්රිය
එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ  කියාසිටියේ.

සිය ඉල්ලීම් සඳහා විසදුම් ලබාදීම ප‍්‍රමාද කිරීමට අදිසි හස්ථයක් කි‍්‍රයාත්මක වන බවද ඔහු මෙහිදි ප‍්‍රකාශ කළා.

දුම්රිය වෘත්තිය සමිති සහ ජනාධිපතිවරයා අතර ඊයේ (23) පැවති සාකච්ඡාව විසදුමකින් තොරව අවසන් වුණා. ඒ අනුවයි ඔවුන් මෙලෙස වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයක් ආරම්භ කිරීමට සූදානම් වන්නේ.

බොහෝ දුරට ලබන 29 වැනිදායි පසු වැඩවර්ජනය කි‍්‍රයාත්මක කිරීමට දුම්රිය වෘත්තීය සමිති සූදානම් වන බවටයි වාර්තා වුණේ.

Previous Post Next Post