Email

සුපිරි පුටු ගැන සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව භාරදෙයි

දැඩි කතා බහකට ලක්වූ බස්නාහිර පළාත් සභාවට අලුතින් ගෙන්වීමට සූදානම් වූ පුටු සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව පළාත් ආණ්ඩුකාරවරයා වෙත අද (29) භාරදීමට නියමිතයි.

05 දෙනෙකුගේ යුත් කමිටුවක් විසින් සකස් කරනු ලැබූ මෙම වාර්තාව බස්නාහිර පළාත් සභාවේ ලේකම් ප‍්‍රදීප් යසරත්න වෙත දැනටමත් භාරදී
අවසන්. ඔහු විසිනුයි අදාළ වාර්තාව පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර වෙත භාරදීමට නියමිතව ඇත්තේ.

ආනයනය කිරීමට නියමිතව තිබූ පුටුවක වටිනාකම රුපියල් හය ලක්ෂ 42,955ක්. අප කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ මෙම පුටුවක නිෂ්පාදන පිරිවැය රුපියල් දෙලක්ෂ 90,000ක් බවයි. ඊට රජයේ බදු ලෙස රුපියල් එක් ලක්ෂ 97,000ක් ද, වෙනත් ගාස්තු ලෙස රුපියල් එක් ලක්ෂ 55,955ක් ද ඇතුළත් වන බවයි වාර්තා වුණේ.

මෙවැනි පුටු 104ක් ආනයනය කිරීම සැලසුම් කර තිබුණා.

කෙසේ වෙතත් ප‍්‍රශ්නගත ගනුදෙනුව තාවකාලිකව අත්හිටුවීමට පළාත් ආණ්ඩුකාරවරයා පසුව තීරණය කළා. ගනුදෙනුව පිළිබඳ විමර්ශනය කිරීමටයි අදාළ කමිටුව පත් කළේ. එහි වාර්තාව ලැබී සිය තීරණය ලබාදෙන තෙක් ගනුදෙනුව සිදු නොවන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මීට පෙර ප‍්‍රකාශ කළා.

gossip lanka