Email

පෙරටුගාමීන්ගෙන් ඇමැති විජයදාසට එන්තරවාසියක්

උසස් අධ්‍යාපන ඇමැති ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතාට එරෙහිව අද (20 ) දිනයේදී එන්තරවාසියක් යොමුකරන බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය පවසයි.

තම පක්‍ෂයට එරෙහිව ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා එල්ල කළ බොරු චෝදනාවලට එරෙහිව වන්දි ඉල්ලා එන්තරවාසියක් යොමුකරන බව
පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට නවකවධය ලබාදීම පිටුපස සිටින්නේ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ සාමාජිකයන් බවට උසස් අධ්‍යාපන ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා පසුගිය 17 වැනිදා බත්තරමුල්ල පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අදහස් ප්‍රකාශ කරමින් ඊයේ (19) පැවැත්වූ මාධ්‍ය හමුවේදී පුබුදු ජයගොඩ මහතා කළ මෙම අදහස් පළකළේය.

gossip lanka