රෝසිට තවත් සැප වැසිකිලියක්.. කොළඹ නගර සභාවේ විපක්‍ෂ නායක ධුරයත් ආණ්ඩුවට..

පාර්ලිමේන්තුවේ ආදර්ශය අනුවම යමින් කොළඹ මහ නගර සභාවේ විපක්‍ෂ නායක ධුරයද ආණ්ඩුව විසින්ම ලබා ගැනීමට සැලසුම් කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රි නාමල් රාජපක්‍ෂ මහතා චෝදනා කරයි.

කොළඹ මහ නගර සභාවේ විපක්‍ෂයේ බහුතරය ශ‍්‍රී ලංකා පොදුජව පෙරමුනට හිමිව තිබියදී ආණ්ඩුව විසින් විපක්‍ෂ නායක ධුරය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට
ලබා දීමට කටයුතු කරමින් ඇති බව ඔහු සදහන් කරයි.

මේ නිසා තවත් සැප වැසිකිලියක් සාදා ගැනීමට නගරාධිපතිනි රෝසි සේනානායකට හැකියාව ලැබෙනු ඇති බවත් ඊට අලූත් විපක්‍ෂ නායකයා විරුද්ද නොවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටී.


Previous Post Next Post