චන්ද‍්‍රිකාට යලිත් මල පනී.. මාධ්‍යට පුප්පා යන්න යයි..

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කොළඹ පැවති උත්සවයකදී මාධ්‍යවේදීන්ට උත්තර නොදී මග හැර ගියේය.

කොළඹදී පැවැති ලංකා මහිලා සමිතියේ ජාත්‍යන්තර සමුළුවේ ප්‍රධාන
ආරාධිත අමුත්තිය ලෙස ඇය පැමිණ සිටියාය.

උත්සවය නිමා වී ඇය පිටත් වූ මාධ්‍යවේදීන් ඇගෙන් ප්‍රශ්න කිහිපයක් විමසූ අතර ඊට ප්‍රතිචාර දැක්වූයේ කේන්ති ගිය ආකාරයෙනි.

ඇය කියා සිටියේ තමන්ගෙන් ප්‍රශ්න ඇසීමට ඇත්තේ නම් ඒ සඳහා වෙලාවක් වෙන් කරගෙන වැදගත් ලෙස පැමිණෙන ලෙසයි.

පසුගියදා අත්තනගල්ල ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට පැමිණ සිටි මාධ්‍යවේදීන් ද හිටපු ජනාධිපතිනිය විසින් එලවා දමන ලද අතර ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධයක්ද එල්ල විය.


Previous Post Next Post