Email

වැඩ වර්ජනයට අපි සහය දෙන්නේ නෑ-ගැමුණු සහ ප්‍රසන්න කියයි

නව දඩ පත්‍රිකාවට විරෝධය පල කරමින් ඊයේ (15) මධ්‍යම රාත්‍රීයේ සිට දීපව්‍යාප්තව වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව  සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය පවසයි.

එම සංගමයේ සංවිධායක යූ.කේ කුමාර රත්න මහතා සදහන් කළේ තම ගැටළුවට බලධාරින් ස්ථීර විසදුමක් ලබාදෙන තුරු අඛණ්ඩව වැඩ වර්ජනය
ක්‍රියාත්මක කරන බවයි.

මෙරට මාර්ග පද්ධතිය නවිකරණය කරන තුරු පැරණි දඩ පත්‍රිකාව  ක්‍රියාත්මක කළ යුතු බව ඒ මහතා පැවසීය.

කෙසේවෙතත් මෙම වැඩවර්ජනයට සහය ලබා නොදෙන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කළේය.

බස් රථ හිමියන් වර්ජනයට සහය ලබා නොදුන්න ද සියලු බස් රථ සේවකයින් මෙම වර්ජනයට සහය ලබා දෙන බව සමස්ත ලංකා බස් රථ සේවක සංගමයේ සංවිධායක යූ.කේ කුමාර රත්න මහතා සදහන් කළේය.

අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රසන්න විපුලගුණ මහතා සදහන් කළේ සේවකයින් ආරම්භ කර ඇති මෙම වැඩවර්ජනයට සිය සංගමය ද සහය පල නොකරන බවයි.

කෙසේවෙතත් බස් රථ සේවකයින් ආරම්භ කර ඇති වැඩ වර්ජනයට සහය ලබාදීමට ජාතික ත්‍රිරෝද රථ සම්මේලනය ද තීරණය කර තිබේ..

එහි සභාපති සුනිල් ජයවර්ධන මහතා සදහන් කළේ සිය සංගමයේ දිවයින පුරා සිටින ලක්ෂ දෙකකට අධික සාමාජිකයින් මෙම වර්ජනයට සහයෝගය ලබා දෙන බවයි.

මේ අතර පුද්ගලික බහලුම් ප්‍රවාහණය කරන  රියදුරු සංගමය ද ඊයේ මධ්‍යම රාත්‍රී සිට වැඩවර්ජනයේ නිරත වී සිටියි.



gossip lanka