මැර රැලක් පැන පුත්තලමේ හෝටලයක් කුඩු පට්ටම් කරයි.. ඇමති රංගෙ බණ්ඩාරත් ගැවේ.. [CCTV Video]

පෙරේදා රාත‍්‍රියේ පුත්ලම ආණමඩුව, ආඬිගම ප්‍රදේශයේ හෝටලයකට පිරිසක් කඩු පොලු සමගින් කඩා වැදී පහර දී දැඩි අලාභයක් සිදු කර ඇත.

හෝටල් හිමිකරුවා පවසන්නේ එම පිරිස පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය
ඇමතිවරයා සමග සම්බන්ධතා ඇති අය යයි පැවසූ බවයි.

මෙහිදී තමනට සිදුවූ පාඩුව රුපියල් ලක්‍ෂ 25කත් පමණ වන බවත් ඔහු සදහන් කරයි.

කලක් තිස්සේ තම හෝටලයෙන් ණයට ආහාර ලබාගත් මුදල් ඉල්ලූ පසු රාත‍්‍රියේ පැමිණ මෙම පිරිස පහර දුන් බවත් සිවු දෙනෙකු ප‍්‍රහාරය සදහා පැමිණි බවත් ඔහු කියා සිටී.

මේ සම්බන්දයෙන් එල්ල වන චෝදනා රාජ්‍ය ඇමති රංගෙ බණ්ඩාර ප‍්‍රතික්‍ෂෙප කරයි.

මෙම පහර දීම සිදුවන ආකාරය හෝටලයේ සවිකර තිබූ කැමරාවේ සටහන් වී ඇත.

Previous Post Next Post