සූරියවැව ක්‍රීඩාංගණයටත් ඉන්දියාවේ ඇස යයි…

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට සමගාමීව සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක් ලෙස ප්‍රවර්ධනය කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.

ඒ අනුව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉන්දියාව සමග හවුල් සමාගමක් ලෙස පවත්වාගෙන යාමත් සමගම සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයද ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ලෙස
පවත්වාගෙන යාමට මෙලෙස තීරණය වී ඇත.

විශාල මුදලක් වැය කර ඉදිකරනු ලැබූ සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දිවා මෙන්ම රාත්‍රී ක්‍රිකට් තරග පැවැත්වීමට හැකි තත්ත්වය උදාකර ගැනීමටත් මේ වන විට නොහැකිව පැවැතිණි.

මත්තල ගුවන්තොටුපළ ඉන්දීය හවුල් සමාගමක් යටතේ පාලනය ඇරඹුවහොත් සූරියවැව ක්‍රිකට් ක්‍රිඩාංගණයද ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වීමට අවශ්‍ය පසුබිම සකස් කෙරෙනු ඇතැයිද රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ශ්‍රී ලංකා ආණ්ඩුවට දැනුම් දීමක් කර ඇත.

- Lakbima

Previous Post Next Post