ඇමති තෙවරප්පෙරුම ගලේවල රෝහලේ යකා නටයි (VIDEO)

අනතුරු සිදු වන අවස්ථාවක ක්‍රියාකළ යුතු ආකාරය ගැන දැනුවත් කෙරෙන පෙරහුරුවක් අතරතුර උණුසුම් තත්වයක් හට ගත්තා.

වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඊයේ (25) උදෑසන අනුරාධපුරය බලා ගමන් කරන අතරතුර ගලේවෙල ප්‍රදේශයේදී මිනිසුන් කලබලකාරී ලෙස හැසිරෙන අයුරු දැක අතරමග නැවතී ඒ ගැන විමසා ඇති අතර එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයාට දැනගැනීමට හැකි වී ඇත්තේ
අනතුරු අවස්ථාවක ක්‍රියාකරන ආකාරය පිළිබඳව පෙරහුරුවක් ගලේවෙල ප්‍රාදේශීය රෝහල් බලධාරීන්ගේද සහභාගීත්වයෙන් සිදුකෙරෙන බවයි.

රටේ ආපදා තත්වයක් පවතිද්දී රෝහල් බලධාරීන් මෙලෙස පෙරහුරු සිදුකිරීම පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ විරෝධය පල කළා.

Previous Post Next Post