Email

ගෝඨා එනවට මුස්ලිම් ඇමතිවරයකුත් බියවෙලා! - චන්දිම සමග රහස් කතා !!

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට දේශපාලන ක්ෂේත්‍රයේ පැතිරයන රාවයත් සමග බියට පත්ව සිටින ශ්‍රීලනිප ඇමතිවරයකු, පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 කණ්ඩායමේ සාමාජික චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා සිය අමාත්‍යංශ කාර්යාලයට කැඳවා කිසියම්
එකඟතාවයක් ඇතිකර ගැනීමට සාකච්ජා පවත්වා ඇත.

පෙරේදා (21) මෙම සාකච්ජාව පැවති බව 'නිව්ස් ටියුබ්' වාර්තා කරයි.

මෙහිදී ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකාරිත්වය පිළිබඳව දැඩි කනස්සල්ලෙන් අදහස් දක්වා ඇති අදාල ඇමතිවරයා, මුස්ලිම් ප්‍රජාව ආණ්ඩුවට කෙරෙහි දැඩි ලෙස කලකිරීමෙන් සිටින බව සඳහන් කර ඇතැයි ද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

පැහැදිලි වෙනසක් නොකර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් අන්ත පරාජයක් ලබන බව හිටපු ඇමති චන්දිම වීරක්කොඩි මහතා මෙහිදී අවධාරණය කර ඇති බවත්,  ඒ අනුව මුස්ලිම් ප්‍රජාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග දැන්තියාම සමීප සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවයත් අවධාරණය කර ඇති බවත් වාර්තාවේ.

ඒ අනුව මුස්ලිම් ආගමික නායකයින් කිහිප දෙනෙකු ඉදිරි සතියේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට මුණගැස්වීමට අදාල ඇමතිවරයා, චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයාට පොරොන්දු වී ඇතැයි ද පැවසේ.

16 කණ්ඩායමේ වැඩක් ?

ඉදිරි ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීම අවාසි සහගත වේ නම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීම සඳහා වහාම අභ්‍යන්තර වැඩපිළිවෙලක් සැකසිය යුතු බවට තීරණය කර ඇති එම පක්ෂයේ 16 කණ්ඩායමේ කිහිප දෙනෙකු, මේවනවිට ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව  නියෝජනය කරන ශ්‍රීලනිප ඇමතිවරුන් කිහිප දෙනෙකු සමග සාකච්ජා පවත්වමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ශ්‍රීලනිප 16 කණ්ඩායමේ චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දිනක කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වූ 'වියත් මඟ' නම් සංවිධානයේ සමුළුවට සහභාගී විය.

එසේම, ඉදිරියේදී නායකත්වය සදහා ගෝඨාභය රාජපක්‍ෂ මහතා පත් කල යුතු බවත් දැනට සිටින එකම සුදුස්සා ඔහු බවත් ශ්‍රීලනිප 16 කණ්ඩායමේ ජෝන් සෙනෙවිරත්න හිටපු ඇමතිවරයා පසුගියදා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේය.

කෙසේවුවද, ජෝන් සෙනෙවිරත්න හිටපු ඇමතිවරයා විසින් කරන ලද එම ප්‍රකාශය එම කණ්ඩායම නියෝජනය කරන හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ දැඩි විවේචනයට ලක්විය.

තමන් ඇතුළු 16 දෙනාගේ කණ්ඩායම එවන් තීරණයක් ගෙන නැති බව ඩිලාන් පෙරේරා මහතා හාලිඇල ප්‍රදේශයේදී පැවති ජනහමුවක් අමතමින් අවධාරණය කර සිටියේය.

gossip lanka