Email

ඇලෝසියස්‌ගෙන් ගෙවල්, මුදල් ගත් 118 දෙනාගේ නම් ගම් හෙළිකරන්න - දයාසිරි ආණ්‌ඩුවෙන් ඉල්ලයි

අර්ජුන ඇලෝසියස්‌ගෙන් මුදල්, ගෙවල් ගත් 118 දෙනකු සිටින බවත් ඔවුන්ගේ නම් ගම් වහාම හෙළි කරන්නැයි තමා ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටින බවත් කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ලක්‌ෂ දහයේ චෙක්‌පතක්‌ තමා ඇලෝසියස්‌ගෙන් ලබාගත් ආකාරය
ඕනෑම අවස්‌ථාවක පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිකරන බව කී දයාසිරි ජයසේකර මහතා තමා මෙම මුදල් ලබාගත්තේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා බව ද කීය.

දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.

ඔය මුදල් ගන්නකොට මම ඇමැතිවරයෙක්‌ නොවේ. ඡන්ද ප්‍රචාරණ වැඩකටයුතුවලට ඕනෑම කෙනකු මේ විදිහට මුදල් ආධාර කරනවා. අර්ජුන ඇලෝසියස්‌ගෙන් උදව් ගත් 118 දෙනාගේ ලැයිස්‌තුව ආණ්‌ඩුවේ ඉහළ නිලධාරියකු ළඟ තිබෙනවා. ඒ 118 දෙනාම හෙළි කළ යුතුමයි.

මුදල්ගත්ත පළියට මම අර්ජුන ඇලෝසියස්‌ වෙනුවෙන් කතාකළේ නැහැ. මා ඔහුට විරුද්ධව ප්‍රකාශ කර තිබෙනවා.

- දිවයින

gossip lanka