මීලග ජනාධිපතිවරණයට ගෝටාභය සුදුසුයි.. වියත්මගට ආ චන්දිම කියයි..

ඉදිරි ජනාධිපතිවරණය සදහා ගෝඨාභය රාජපක්‍ෂ මහතා සුදුසු අපේක්‍ෂකයෙකු යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රි චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

කෙසේ වෙතත් තම කණ්ඩායම සහාය දෙන අපේක්‍ෂකයා සුදුසු
මොහොතේදී ප‍්‍රකාශ කරන බවද ඔහු සදහන් කරයි.

පසුගියදා කොළඹදී පැවති වියත් මග සංවිධානයේ වාර්ෂික සම්මේලනය සදහාද වීරක්කොඩි මහතා එක්ව සිටියේය.

රටේ අනාගතය වෙනුවෙන් සැලසුම් සාදන යෝජනා අදහස් ඉදිරිපත් වන මණ්ඩපවලට සහභාගී විය යුතු බව තම අදහස යයිද ඒ ගැන අදහස් පල කරමින් ඔහු පැවසීය.


Previous Post Next Post